‘ආණ්ඩුව රීලෝඩ් ක්‍රමේට තෙල් ගන්න කොට අපිට පෙට්‍රල් ගහන්න වෙන්නේ සැෂේ ක්‍රමේට‘

ඇණවුම් කළ නැව් මුහුදේ බලාගෙන ඉන්නවා. ආණ්ඩුව දැන් ලංකාවට අවශ්‍ය ඉන්ධන ගන්නේ මොබයිල්  එකට රී ලෝඩ් එකක් දානවා වගේ ඩොලර් ටිකක් දානවා තෙල් ටිකක් ගන්නවා. දැන් රට තෙල් ගන්නේ රී ලෝඩ් ක්‍රමේට. රී ලොඩ් ක්‍රමේට තෙල් ගන්නකොට  ජනතාවට පෙට්‍රල් ගහන්න වෙන්නේ සැෂේ  පැකට්ටු ක්‍රමේට‘ යැයි පාර්ලිමෙනිතු මන්ත්‍රී ඉරාන් විකරමරත්න මහතා අද පාර්ලිමේන්තුවේ දී පුකාශ කළේය.

රට තුළ පවත්නා වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල් තබන විවාදයක් විපක්ෂය වෙනුවෙන් යෝජනා කරමින් එහි විවාදය ආරම්බ්භකරමින් ඉරාන් වික්‍රමරත්න මහතා කත කළේය. එහිදී වැඩි දුරටත් කතා කළ මන්ත්‍රී වරයා මෙසේ ද කීය 

දැන් රට දුවන්නේ කොයි වෙලාවේ  නවතීද දන්නේ නැති ප්‍රශ්නෙක. අද වාහනයක් අරන් එලියට බහින්න බෑ. තෙල් තිබුණොත් යන්න පුළුවන්. නැත්නම් අතරමඟ ඉන්න වේවි. මේ වෙනතුරු විදේශ විනිමය අර්බුදයට  හරි විසඳුමක් ගැන කතාවක්වත් පටන් ගන්න බැරි වෙලා තිබෙනවා. හැමදාම ගෙදර ඇතුළේ විසඳුම් ගැන කතා කරනවා. කට ඇරියොත් මහ බැංකු අධිපති කියන්නේ ඩොලර් ප්‍රශ්නයක් නෑ කියල. ඒ අයට ප්‍රශ්න නැතිව ඇති ඒත් රටට ප්‍රශ්නයක්.

අද මේ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන්නේ මුළු රටම මහත් අවදානම් සහගත බිහිසුණු  අවිනිශ්චිතභාවයකට පත්ව සිටින අවස්ථාවක. අද රට මුහුණ පා සිටින තත්ත්වය ඇති නැති හැම පවුලකම පොඩි දරුවා ගේ ඉඳන් බඩට, ඇඟෙට දැනෙන ප්‍රශ්නයක්.අද සල්ලි තිබුණත් දරුවට කිරි පැකට් එකක් ගන්න නෑ.  අනෙක් පැත්තෙන් සමස්ත සමාජයම ලොකු පීඩනයකට පත්ව සිටින අවස්ථාවක්. මේ හැම දේකින්ම  දැනෙන්නේ රටේ ආර්ථිකය 70 77 කාලෙන් පස්සේ මේ තරම් බරපතල වින්නැහිකයට අපි පත් වෙලා නැති බවයි. ඒක මේ ආණ්ඩුවේ ලොක්කන්ටයි ගජ මිතුරන්ටයි  හැරෙන්න කාටත් දැනෙන වින්නැහියක්. මේ ගැන තවත් කවර කතාද ?

ආර්ථිකය ගැන චක්රව ර්ති   තමන් කියල හිතාගෙන වැඩ කරන මහ බැකු අධිපතිතුමා දැන් මොකද කියන්නේ?  ඔහු කියනවා බැංකුවලට තෙල් සංසථාවට ණයට දෙන්න එපා. බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න ඕන කියල. මේ කතාවේ ලොකු ගැඹුරක් තිබෙනවා. ඔහු මේ ඉඟි කරන්නේ රටේ බැංකු පද්ධතියත් කඩා වැටෙන්නට යන බවටද? මහ බැංකු අධිපති  ඇමතිකම අතහැරල මහ බැංකු මහ පුටුවේ ඉඳගෙන හය මාසෙක අර්ථික මාර්ග සිතියමක් ඉතිරිපත් කළා. දැන් කාලේ ගත වෙලා ඉවරයි. රට  ආර්ථිකය ප්‍රපාතයකටයි තල්ලු වෙන්නේ. මහ බැංකු අධිපති ම රටේ ආර්ථිකය දුවන්න අත්‍යවශ්‍ය වන  ඉන්ධන ගෙන්වන්න බැංකුවලට සල්ලි දෙන එක ගැන නියෝග කරන තැනට ඇවිත්. බැංකු පද්ධතිය කඩා වැටීම ගැන අනතුරු අඟවනවා. මේ මාර්ග සිතියම තිබෙන්නේ ප්‍රපාතයට රට ගෙන යන්නටද කියල අද අපට ප්‍රශ්න කරන්න වෙලා තිබෙනවා. අද සාමාන්‍ය ජනතාව පවා අන්ද මන්ද වෙලා ආණ්ඩුව කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්නේ මේ අය මේවා කරන්නේ අවසිහියෙන්දවත් ද කියල.

රට එන්න එන්නම හිඳෙනවා.  පාරවල්වල ඉන්ධන පෝලිම්. විදුලි බලාගාරවලට තෙල් නැතිව වැහෙනවා.  මේ වනවිට ආර්ථිකයට බරපතල පාඩුවක් කරමින් විදුලිය කප්පාදුවකට යන තරමට ආණ්ඩුව ලැජ්ජා නහර කපාගෙන තිබෙනවා.  

ඇණවුම් කළ නැව් මුහුදේ බලාගෙන ඉන්නවා. ආණ්ඩුව දැන් ලංකාවට අවශ්‍ය ඉන්ධන ගන්නේ අර මොබයිල්  එකට රී ලෝඩ් එකක් දානවා වගේ ඩොලර් ටිකක් දානවා තෙල් ටිකක් ගන්නවා. දැන් රට තෙල් ගන්නේ රී ලෝඩ් ක්‍රමේට. රී ලොඩ් ක්‍රමේට තෙල් ගන්නකොට අපිට පෙට්‍රල් ගහන්න වෙන්නේ සැෂේ  පැකට්ටු ක්‍රමේට. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණෙට අපිට ගන්න බැරි තත්ත්වයක් සමහර පැතිවල නිර්මාණය වෙලා තිබෙනවා.

ජනාධිපතිතුමා ගේ සෞභාග්‍ය යේ  දැක්මට අනුව 2030 වන විට රටේ විදුලිය උත්පානයෙන් සියයට 70ක් පුනර්ජජනීය විදුලිය නිපදවීමට ඉලක්ක කර තිබෙනවා. ඒත් කියන්න ලැජ්ජයි. වතුර ප්‍රශ්නය නිසා ජල විදුලිය සීමා කර තිබෙන පසුබිමක දැන් විදුලිය ජනනය සියයට 70කට ආසන්න පුමාණයක් ගන්න වෙලා තිබෙන්නේ ඛනිජ තෙල්වලින්. ඒ තෙල් ගන්න ඩොලර් නැති නිසා අපිට දැන් විදුලියත් නෑ. සල්ලිත් නෑ. රටේ ආර්ථිකයකුත් නෑ.

 මේවා ආණ්ඩුවේ ඉන්න තමුන්නාසේලාට දැනෙන්නේ නෑ.  

ඇයි මේවට විසදුම් නැත්තේ? අපි මේ තරම් ෆේල් වෙන්නේ ඇයි? මේකෙන් ෆේල් වෙන්නේ සර් විතරක් නෙවෙයි සර් නම් දැන් ෆේල් වෙලා ඉවරයි. මේ ෆේල් තීන්දු ගන්න ෆේල් දැක්ම නිසා මුළු සමාජයම බරපතල අර්බුදයකට තල්ලු වෙනවා.

 බලශක්ති ඇමතිතුමාම කියනවා නම් එදා තෙල් නැවක් ආවම ඊට අදාළව කරන ගෙවීම් ගැන තීරණය ගන්නේ පෙට්‍රෝලියම් එකෙයි බැංකුවෙයි මැනේජර්ලා දෙන්නෙක් එකතු වෙලා. නමුද් අද මේ තීරණේ ගන්න අද ජනාධිපතිටයි  ඇමතිටයි මැදිහත් වන තරමට තත්තවය අර්බුදයකට ලක්වෙලා කියල.  තව මොනවද ?

එයින් පේනවා රටේ ආයතනවල කළමනාකරණයකුත් නෑ, රටේ කළමනකරණයකුත් නෑ. මේක විපත්තිදායක තත්ත්වයක්.

එදා විපක්ෂය ජනතාවට බොරු ගෙතුවේ ඇන්දුවේ කොහාමද? අපේ රජය කාලේ ජනතාවටත් අමාරුවක් නැති රටේ ආරථිකයටත් බරත් නැති විද්‍යාත්මක මිල සූත්‍රයක් ගෙනවා.ඒක විනිවිද පෙනෙන සුළුයි.  ඒක කොච්චර සමච්චලයකට ලක් කළාද ? සමහර නායකයො කියන අය කිව්ව මෙහෙම මිල සූත්‍රයකින් මිල පාලනය කරනවා නම් මොකට ද ආණ්ඩුවක් කියල. ඒත් එහෙම කියපු අය මේ මිල සූත්‍රය හොඳයි හොඳයි කියනවා. මේ වැඩවල නිසි විනිවිද පෙනෙන සුළු භාවයක් තිබුණා. අද රටේ බොහෝ  ආර්ථික ගනුදෙනුවලදී මේ විනිවිද පෙනෙන සුළු භාවය නැතිවෙලා. අපි දැක්කා ලංකාවේ කොන්ත්‍රාත්වලට ආපු එම්.සීසී සමාගම ජනාධිපතිවරයාට කර තිබෙන පැමිණිල්ල. ඔවුන් කියන විදිහට මේක කෝටි 16000ක ගැහිල්ලක්. ආණ්ඩුව අතට ගන්නකොටම පටන් ගත්ත සීනි ජාවාරමෙන් ගැහුවේ කෝටි 1590යි. දැන් රට කොයි මොහෙතේ හො කඩා වැටෙන මට්ටමක ඉඳිද්දීත් ගැහිල්ල ඒ වගේ දස ගුණයකින් වැඩිවෙලා.

හැම ගනුදෙනුවකම තිබෙන විනිවිද පෙනෙන සුළු භාවය නැතිවෙලා. ඒවා රටක පිරිහීමට හේතුවක්

මෙහෙම ගියොත් මේ  රටට මොකද වෙන්නේ? අපි මේ වෙලාවේ ආර්ථිකය සම්බන්ධයෙන්  කරන්න ඕන මොකක්ද කියල පුන පුනා කිව්වා. ස්වාධීන විද්වතුන් කිව්වා. ජනාධිපතිතුමාගේ රටට සෞභාග්‍යයක් බලාගෙන උදව් කරපු වියත් මගේ සමහර වියත්තු පවා කිව්වා. අද මේ වියත්තු අද අවියත් පාලනයෙන් ඈත් වෙලා ගිහිල්ලා. මුළු රටම ඔවුන්ට එපා වෙලා.

අපට විදුලිය නැති කාලේ ලාම්පුවක් හරි පත්තු කර ගන්න තෙල් තිබුණා. දැන් භූමිතෙල් කඳුලක් හොයා ගන්නවත් විදිහක් නෑ .  ඉරු දිනයේ විදුලිය කැපිල්ල පැය පහකට කිට්ටුයි. උසස් පෙළ විභාගේ ලියන දරුවන්ට මොන තරම් අපහසුතාවක්ද ඇතිවෙන්නේ.  නමුත් ජනාධිපතිවරයා ඉන්න මිරිහානේ පැත්තෙ විතරක් නම් නම් විදුලිය කැපෙන්නේ නෑ කියලත් ආරංචියි.

 අද තෙල් නොදුන්නොත් ලයිට් කැපිල්ල  පැය හතක් අටක් වෙයි කියල කියනවා. එහෙම නම් අපිට ඉන්න වෙලා තියෙන්නේ අඳුරේ. මේ අඳුරේ ඉන්න මිනිස්සු සාප කරන්නේ කාටද අදුරට නෙවෙයි. කථානායකතුමනි සාප කරන්නේ කාටද?

මේ සියලු ප්‍රශ්න ඇති වුණේ රටේ ආර්ථිකය වැරදි විදිහට හසුරුවන නිසා.  හැම ගනුදෙනුවකින්ම හොරා කන එකයි හොරා කෑම සම්බන්ධයෙන් තිබුණු නඩුවලින් නිදහස් වෙන එකයි හැරෙන්නට වෙන වුවමනාවක්  තිබෙන බවත් පේන්නේ නෑ. හොරකමයි නඩුවලින් බේරෙන එකයි  අතින් ඔවුන් හොඳටම පාස්.

 ආර්ථිකය අතින් අපි අඳුරේ ඉද්දී දැන් සමාජයත් අඳුරට තල්ලු වෙලා. –

 පාස්කු ප්‍රහාරය හරහා ජාතික ආරක්ෂාව අඩපණ කරල විකුණගෙන ඒ මතින් බලයට එන්න නින්දිත විදිහට වැඩ කරපු ආණ්ඩුව බලය ගත්තට පස්සේ කරපු දේ ගැන කාදිනල් උන්වහන්සේ විසින් කරන ලද හැම ප්‍රකාශයකින්ම පේනවා. කතෝලික ජනතාවට කිතුනු ජනතාවට මේක හරිම  සංවේදී කරුණක්. පාස්කු ප්‍රහාරයට මතින් බලයට ආපු ඔබලා ගැන  උන්වහන්සේ තුළ පවතින්නේ විශාල අප්‍රසාදයක්. මම දැක්කා. පසුගියදා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ෆෙර්නන්ඩො නිදහස් වුණු වෙලාවේ උන්වහන්සේ ඊට ප්‍රතිචාර දක්වලා තිබුණා. අද මේ වින්දිතයන්ට අවශ්‍ය සාධාරණයක්. යුක්තියයි. අද මේවා ආණ්ඩුව පාවිච්චි කරන්නේ වැරදි විදිහට. අපි දැක්කා සී අයි ඩි යේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර  යළිත් අත්අඩංගුවට ගන්න යන බවට ආරංචි වෙනවා. ශානි වගේම ඩී.අයි.ජි.  රවි සෙනෙවිරත්නගේත් ආරක්ෂාව ඉතාම අත්‍යවශ්‍යයි. ඔවුන් වැදගත් සාක්ෂි, කොමිසම හමුවේ ප්‍රකාශ කර තියෙනවා.

 අපි ඔවුන් ආරක්ෂා කළ යුතුයි.  ශානි අබේසේකර මහත්තයා පසුගියදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ විමර්ශණ පිළිබදව තීරණාත්මක අනාවරණ කිහිපයක් එයින් සිදු කර තිබෙනවා. ඒ වගේම ඔහු තම කාලය තුළ කරපු පරීක්ෂණ ගැන විස්තර එහි කියල තිබුණා. නඩුවලට පෙනී ඉඳල තිබෙනවා.

ඒ අතරේ දැන් මාධ්‍යයට  හතරවටින් ම ගහනවා.  මාධ්‍යෙව්දීන්ට හිංසා කරනවා.. මෙම රජය බලයට ආ දවසේ සිටම මාධ්‍ය දඩයම පටන් ගත්තා. ලේක් හවුස් මාධ්‍යවේදීන්ගෙන් තම්යි මාධ්‍ය අභාග්‍යයේ සෞබ්ගාහ්‍ය ආරම්භ කළේ. මදුක ප්‍රනාන්දු, දරීශා බැස්ටියන්, ක්‍රිශාන්ත කුරේ  හිරු රූපවාහිනියේ චමුදිත සමරවික්‍රම අලුත්ම ඉලක්කයයි.අද මේ ලයිස්තුව මාගලක් වගේ දිගයි.මට මතක් වෙනවා තුශාරා සෙව්වන්දි විතාරණ වගේ කාන්තා මාධ්‍යවේදීන්වත් මර්දනයට නතු කරගන්න කරපු වැඩ.  මාධ්‍යයේ කවුරුන්ද මේ මාධ්‍ය සන්ස්කෘතියට ඇබ්බැහි වන්නේ කියන්න දන්නේ. ආයුදයක් ලෙස බිල්ලට දෙන්නයි බලය පවත්වන්නයි මර්ධනය පාවිච්චි කරන හැටි අපේ මාධ්‍යවේදීන්ට පමණක් නොව ජනතාවටත් තේරුම් ගිහිලා තියෙන්නේ. මේවා  ශිෂ්ඨ රටක සිදුවිය යුතු දේවල්ද?

පරීක්ෂණ කරනවා හැබැයි ප්‍රතිඵලයක් නෑ.   අද ලෝකයටම ශ්‍රි ලංකාව කිසිම ආකාරයකින් විශ්වාස කරන්න බැරි රාජ්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. එක අතකින් ජාත්‍යන්තර ණය දෙන ආයතන ශ්‍රි ලංකාව ට ණයක් දුන්නොත් ආපසු ගෙවන එක අවදානම් කියන කාණ්ඩයට පහළ දාල. එයින් ණය දෙන ආයතනවලට අපි ගැන විශ්වාසයක් නෑ. රටේ මානව හිමිකම් තත්ත්වය අන්තයටම වැටිලා අනවශ්‍ය අත්අඩංගුවට ගැනීම් , බලහත්කාරයෙන් රඳවා ගැනීම් නිසා මානව හිමිකම් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න මදිවට  ආණ්ඩුව තවත් අලුත් ප්‍රශ්න එකතු කර ගන්නවා . මේවා ජාත්‍යන්තර තලයේ  කතා කරන තරමට වෙන්නේ ආයෝජක විශ්වාසය බිඳ වැටීමයි. ඒක රජය  ගැන පාලකයන් ගැන විශ්වාසය බිඳ වැටීමයි. ඒක රජය දැන්වත් අවබෝධ කර  ගත යුතු යුතු යැයි ඉරාන් වික්‍රමරත්න මහතා අව්ධාරණය කළේය.

Recommended For You

About the Author: Thusal